ෆෙඩරික් නීචෙ Friedrich Nietzsche - German දාර්ශනිකයා.
මාලන් රොෂාන්
මෙයාගේ නමම ප්රශ්නයක්. ලංකාවේ කියන්නේ නීට්ෂේ කියල. මේකේ හරි ශබ්ද කිරීම නීචෙ - නීට්ෂේ නම් නෙමේ .
මේ ගැන නෙමෙයි මේ කියන්න ගියේ මෙයාගේ ප්රසිද්ධ කියමන. "God is dead" දෙයියො මැරිලා යන කියමන. සමහර විට කියන්න පුළුවන් මේකෙන් දෙයියො නැත්නම් ආගම් නෑනේ, අන්න එහෙම. ඇත්තටම කිව්වොත් මෙයා කියන්නේ එහෙම එකක් ගැනම නෙමෙයි. මෙයා ලියලා තියෙනවානේ මෙයාගේ ප්රසිද්ධම පොත Beyond Good and Evil. දෙයියෝ මැරිලා කියන ප්රකාශයට තියෙන සම්බන්ධය මේ පොතෙන් තේරුම් ගන්න පුළුවන්. Beyond Good and Evil කිව්වහම මේකෙන් කියන්නේ "හොඳ හා නරකින් එහා". ඕකනේ තේරුම. මාතෘකාවේ තේරුම ඒක උනත් මෙයාගේ දර්ශනයෙ තේරුමත් ඒකම තමයි.
ඒ කියන්නේ, මේ දාර්ශනිකයාට අනුව - Morality - සදාචාරය හරි ආචාර ධර්ම හරි. මේවා නියම කරන කවුරුත් අපිට නැහැ. ඒ කියන්නේ, මේක හොඳයි අරක නරකයි කියලා කියන දෙවියෙක් වගේ කෙනෙක් නැහැ. තවත් කිව්වොත් එහෙම සදාච්චාර සත්යය නියම කරන දෙවියෙක් නැහැ. දැන් God is dead, We killed him කියලා මෙයා කියනවා. මේ කියන්නේ විද්යාව වගේ දේවල් නූතන සමාජයේ තාර්කික සිතීම වගේ දේවල් වලින් දෙයියෝ ගෙනාපු සදාචාරය දෙවියන්ගේ සත්යය පිළිබඳ ප්රශ්න කරා. ඉන් පස්සේ සිදු උනේ අපිම තීරණය කළා මේ ප්රකාශ වල සත්යතාවය ගැන. ඒ කියන්නේ අපිම තමයි දෙවියන්ගේ ප්රකාශ අභියෝගයට ලක් කළේ. ඉස්සර නම් සත්යය කිව්වේ මේකයි, දැන් අපි විද්යාවෙන් හොයාගත්ත විදිහට සත්ය මේකයි. ඒ ගැන දෙයියෝ කලින් කියපු එක නෙමෙයි. ඒ කියන්නේ අපිම තමයි දෙවියන්ව මැරුවේ. We killed him.
God මැරිලා කියලා කියන එකෙන්, Fixed truth ප්රශ්න කරනවා. Perspectivism හඳුන්වලා දෙනවා. ඒ කියන්නේ අපි බලන දෘෂ්ටි කෝණය අනුව සත්යය වෙනස් වෙන විදිහ. වෙනත් ආකාරයකටම ආපහු කිව්වොත්, නියත සත්යයක් තියෙනවාද කියන එකම ප්රශ්න කරනවා. මොකද දෙයියෝ තමා මේ ලෝකයේ මේ තියෙන විදිහට හදල තිබ්බේ. දෙයියෝ නියම කරපු විදිහ තමා සත්යය.
දැන් එතකොට මෙතන දාර්ශනිකව අලුත් අංශයක් හදනවා. ඒ අංශය තමයි පශ්චාත් නූතනවාදයේ මූලික අංකුර වගේ දෙයක්. දැන් පශ්චාත් නූතනවාදය එන්නේ විසිවැනි සියවසේනේ. මේ අටසිය ගණන් වල. පශ්චාත් නූතනවාදයේ මූලික අංගයක් තමයි මේ නියත සත්ය නැතැයි කියන එක. Grand narrative ප්රතික්ෂේප කරන එක.
දැන් වැදගත්ම දේ, හොඳ හා නරකෙන් එහා දෙයක් තියනවනම් ඒ මොකක්ද? සදාචාරය අපිට ඕන විදිහට හදන්න පුලුවන්ද? මෙයා ගේන දෙයියන්ගේ සත්යය මත යැපෙන්නේ නැති Übermensch -"සුපිරි මිනිසා" කියලා ගමු. මේ සුපිරි මිනිසා ක්රියාත්මක වෙන්නේ කොහොමද?
නීචෙගෙ මේ සුපිරි මිනිසා, දෙවියන්ගෙන් සත්යය ඉල්ලන්නේ නැහැ. එයා තමන්ගෙම Values හදාගන්නවා. Self-mastery කරනව. බිය දුර්වලතාවයන්, ආසාවන්, ආවේග - Impulses Control කරනවා. ඒවා පාලනය කරලා එම පාලනයම තමන්ගේ Strength එක විදියට ගන්නවා. මෙයාගෙ Will to power කියන එක, අනුන්වව යටත් කරනවාම නෙමෙයි, තමන්ගේ Mastery ලබා ගන්නවා කියන එක. මේක තමයි පුළුවන් තරම් සරල කරොත් නීච කියන්නේ. එතකොට දෙවියෝ මැරුවා. දෙවියන්ගේ සත්යය නෑ. අපේ සත්යය අපි හදාගන්න ඕනා. අපිව Master කරගන්න ඕනා. අපිවම අතික්රමණය කරගන්න ඕනා.
මෙතන තව වැදගත් කොටසක් තියෙනවා. නීචෙ මේ පරණ ආගමික සදාචාරය, ඒ කියන්නේ දයාව, අනුකම්පාව වගේ දේවල් හඳුන්වන්නේ Slave Morality - 'වහල් සදාචාරය' කියලා. එයා කියන විදිහට මේවා දුර්වල මිනිස්සු බලවතුන්ව පාලනය කරන්න හදාගත්ත උගුල්. එයා යෝජනා කරන්නේ මේවා අතෑරලා Master Morality - 'ස්වාමි සදාචාරය' වැළඳගන්න ඕන කියලා.
අනෙක් එක තමයි, සුපිරි මිනිසාට තියෙන්න ඕන ගතියක් Amor Fati. ඒ කියන්නේ තමන්ගේ ඉරණමට ආදරය කරන එක. නීචෙ අහනවා Eternal Recurrence ගැන. සරලව කිව්වොත්, 'ඔය ගෙවන ජීවිතේ මේ විදිහටම, වෙනසක් නැතුව අනන්ත වාරයක් ආයේ ආයේ ලැබුනොත්, ඔයා ඒකට ඕකේ ද?' කියලා. අන්න ඒකට බය නැතුව 'ඔව්' කියන්න පුළුවන් මට්ටමට මනස හදාගත්ත කෙනා තමයි නීචෙගෙ සුපිරි මිනිසා. ඒ කියන්නේ ජීවිතේ එන දුක, වේදනාව කියන හැමදේම ආසාවෙන් බාරගන්න එක.
දැන් මේ සම්පූර්ණ දාර්ශනික තලය අහුවෙන්න නම් ඇත්තටම නීචෙ කියවන්න වෙනවා. දෙවැනි තෙවැනි මට්ටමේ අධ්යයනය වලින් මෙම සම්පූර්ණ වපසරිය අහුවෙන්නේ නැහැ කියන එකයි අදහස. තැනින් තැන අදහස් හොයාගන්න පුළුවන් නමුත් හැමදේම එකට Fit වෙන්නේ කොහොමද කියන එක එන්නේ නැහැ.
හරි, දැන් අපි ඔය නීච කියන එකට එකඟ වෙන්න ඕනද? ඒ කිව්වේ සදාචාරයෙන් එහා, අපට හදා ගත හැකි සත්යයක් හොයාගන්න පුළුවන්ද. එවැන්නකට අනුව කටයුතු කරන්න පුලුවන්ද? පෞද්ගලිකව මම නම් එකග නැහැ. හේතුව මේ නීච කියන සදාචාරය අපි හදා ගන්නවා කියන එක නූතන Scientific කතිකාවෙනුත් පොඩ්ඩක් අවුල් යනවා.
මොකද Evolutionary Psychology කියලා විද්යාවේ අංශයක් තියෙනවා. සමහරු මේක Science නෙමෙයි කියලත් කියනවා. හේතුව පරිණාමය සම්බන්ධ දේවල් විද්යාත්මකව Check කරගන්න අමාරු නිසා. විශේෂයෙන් Morality වගේ දේවල් ගැන.
හරි ඒක කෙසේ වුනත් මේකෙන් කියන්නේ අපගේ Morality එහෙම නැත්නම් සදාචාරයට විශාල ලෙස ජීව විද්යාත්මක බලපෑමක් තියෙනවා කියලා. ඒ කියන්නේ අපි කෙනෙකුට උදව් කරන්නේ, ඒක අපි එසේ කළ යුතුයි කියලා, එවෙලේ හදාගත්ත දෙයකින් නෙමෙයි. අපේ Brain එකට ඒවා Hard-code වෙලා තියෙන්නේ.
විශේෂයෙන් Empathy වගේ දේවල් - සහකම්පනය. මේව අපි එවෙලෙම අලුතෙන් හිතලා කරන දේවල් නෙමේ. දැන් මේ ක්ෂේත්රයේ - Evolutionary Psychology කියන්නේ මෙවැනි දේවල් අපේ පරිණාමයෙන් අපට ලැබුණු දේවල් විදිහට. උදාහරණයට, ආදි වාසියක් ගමු. සතෙක් හපා කාලා බිම වැටිලා ඉන්න මනුස්සයව අපි බේරගත්තේ නැත්තං, කවද හරි අපිව සතා කාපුවහමත් අපිව බේරගන්නත් කවුරුත් නෑ.
තව ගමු ලිංගික ඉරිසියාව, ඒක පැහැදිලි කරන්නේ, තමන්ගේ සහකාරයක් වෙන අය සමග ළමයි හැදුවොත්, ගෑණු කෙනෙක් නම් එයා හිතනවා තම ළමයට සම්පත් හම්බෙන්නේ නැහැ පිට ළමයින්ට යනවා කියලා. පිරිමි කෙනෙක් නම් හිතනවා තමන් අනුන්ගේ ළමයෙකුට සම්පත් දෙනවා. මෙහෙම ළමයි හද හද, හදපු ළමයි දාලා ගියොත් ඒ ඔක්කොම මැරිලා යනවා. ඒ කියන්නේ අපි වර්ගයා බෝ කරන්නේ ඉතුරු වෙන්නේ නෑ.
දැන් උදාහරණයට Love කියන එක ගමු, මේකට අනුව Love එන්නේ ළමයෙක් ඉපදුනාම ඒ ළමයාව දෙමව්පියෝ දෙන්නම බලාගන්ඩ ඕනා කියන හැඟීමේ සම්බන්ධය විදිහට. එතකොට Love නැත්තං තාත්තයි අම්මයි ළමයාව දාලා යනවා ළමයා මැරෙනවා. ළමයා හදන්ඩ ඕන වෙච්ච දෙමව්පිය සම්බන්ධය එන්නේ නෑ. එතකොට වර්ගයා බෝ කරන්න කවුරුත් නෑ. මේවා කියන අපිත් නෑ.
ඔන්න ඔය වගේ අදහස් තමයි මේ ක්ෂේත්රයේ තියෙන්නේ. හැබැයි මේවා අපිට විද්යාත්මකව Control condition වල Check කරන්න අමාරුයි. එනිසා මේවා Dismiss කරන අය ඉන්නවා. කාටවත් ඉතින් ඇත්තට මේවා හරි කියලා ඔප්පු කරන්නත් අමාරුයි.
හැබැයි, කල්පනා කලොත් මෙහි විය හැකි භාවය වැඩි බව පේනවා. ඒ නිසා අපේ හොඳ නරක අපි හදනවා කියන එක ගැන පොඩි ගැටලුවකට මුහුණ දෙනවා. අන්න ඒ නිසා, නීචෙ කියන Beyond Good and Evil, එනම් හොඳ නරකින් එහා, එනම් ඒවා අපි හදාගත්ත යුතුයි කියන දේ, පොඩ්ඩක් ප්රශ්නකාරී වෙනවා.
තව අපිට කියන්න පුළුවන් දෙයියෝ හරි ආගම් වලින් හරි දුන්නු, Morality ය අපේම සිතුවිලි තර්කන ක්රමවේදය දෙයියන්ට භාර කිරීම හෝ ආගම් වලට භාර කිරීම වැනි දෙයක් ලෙස. එතකොට මේ දෙයියෝ හෝ ආගම් කියන්නේ අපි හිතුව විදිහම දෙයියන්ට පවරලා, වෙනත් ආකාරයකින් අපිටම බලපෑම් කරපු විදිහයි. ඒ කියන්නේ අපිම ආස නෑ අපේ ගෑනු කෙනා, අපේ පිරිමි කෙනා පිට යනවට. අපි ඒක කාමේ සුමිච්ඡාචාරා වේරමණී කියලා සමාදන් වෙනවා.
Of course - God is dead. We killed him. හැබැයි සරලව අර්ථකථනය කරපු Memes හදපු විදිහටම නෙමෙයි.