බදු ගෙවන ජනතා මුදලින් ඉගෙනගත් වෛද්‍යවරුනි – ජනතාව නොමරන්න
බදු ගෙවන ජනතා මුදලින් ඉගෙනගත් වෛද්‍යවරුනි,
ජනතාවගේ පිනෙන් ලබාගත් දැනුම ඔබ සතුයි—
ගොවියාගේ කම්කරුවාගේ දවසේ පඩිය,
මව්වරුන්ගේ - පියවරුන්ගේ බදු මුදල්
ඔබේ අතට වෛද්‍ය නලාව ලබා දුන්නා නොවේද ?
රජයේ ශිෂ්‍යත්ව නොව,
ජනතාවගේ විශ්වාසයයි
ඔබට විශ්වවිද්‍යාල දොර විවර කළේ.
පෙට්‍රෝල් මිලට බදු,
පාන් කෑල්ලට බදු—
එවන් රුපියල් ඔබේ පාඩම් පොතට හැරුණා.
නමුත් අද,
රෝහලේ දොර වසා
අසරණ රෝගියාට කියන්නේ—
“අපේ අයිතිවාසිකම් වෙනුවෙන්
ඔබ මැරෙන්නද කියලා ?
වෙහෙසුණු මව,
ඇදේ හුස්ම ගන්නා දරුවා,
රෝගයෙන් කම්පා වූ මහල්ලා—
මේ සියල්ල
ඔබේ සටනට අමතන වුනේ ඇයි ?
ඔබේ අරමුණ නීතිසම්මත නම්,
ඔබේ කෝපය සාධාරණ නම්,
ඒ සටනේ බර
රෝගියාගේ හුස්මට
ඇයි පැවරෙන්නේ?
ජනතාවගේ බදු මුදලින් ඉගෙනගත් වෛද්‍යවරුනි,
ජනතාව ඔබව වෛද්‍යවරු කළා—
නමුත් ඹබට
ජනතාවට විරුද්ධවිමට
ඔබට අයිතියක් දුන්නේ කවුද?
ඩියුටි ප්‍රි කාර්, නුඹලාගේ දරුවන්ට රෝයල් කොලේජ්,
උදේ - සවස ප්‍රයිවට් චැනල් කරලා, කෝටිපතියන් වු උඹලා,
උඹලාට ඉගෙන ගන්න බදු ගෙවපු ජනතාව,
වර්ජනය කරලා පාට් දාන්න තරමට, බලු වුනාද දොස්තරලා