Posts

වෛද්‍ය නජිත් ඉන්දික එන්න ඥානසාරගෙන් වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න....

 



.වෛද්‍ය නජිත් ඉන්දික එන්න ඥානසාරගෙන් වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න....

මා දන්නා තරමින්  වෛද්‍ය නජිත් ඉන්දික කියන්නෙ විද්‍යා විෂය ධාරාවෙන් A තුනක් අරන් හම්බන්තොට දිස්ත්‍රීක්කයෙන් පලමු වැනියා ලෙස ඒවගේම මුලු ලංකාවෙන්ම 20 වැනියා ලෙස උසස් පෙල සමත්වෙලා කොළඹ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය ලබා ගත්  දක්ෂ වෛද්‍යවරයෙක්. ඒ වගේම පාර්ලිමේන්තු යෑමට රැකියාවෙන් ඉවත් වන විටත් ප්‍රසව හා නාරි වෛද්‍ය ඒකකයක වැඩ කරපු වෛද්‍යවරයෙක්.

දැන් අපි බලමු මේ මාධ්‍ය සාකච්චාවක් තියලා නජිත්ගෙ වෛද්‍ය උපාධිය ප්‍රශ්න කරන ගලගොඩ අත්තේ ඥානසාර මොනවද මේ කියන්නෙ කියලා.


මේ ඥානසාර, විමල්වීරවංශ, චන්න ජයසුමන වගේ අය කියන්නෙ කාන්තාවන් වඳ කිරීම සම්බන්දයෙන් මත හදලා  කප් ගහපු අය. මෙයාලා තමා මීට අවුරුදු කීපයකට කලින් ලෝකයේ ප්‍රථම වතාවට කොත්තු වලින්, බ්‍රසියර් වලින්, සිසේරියන් සැත්කම් කරද්දි පැලෝපීය නාලය මිරිකීමෙන් කාන්තාවන් වඳ කරන ආකාරය ගැන මුලින්ම ලෝකයටම හඳුන්වා දුන්නෙ.


ඉතින් මේ විශේෂිත වඳකිරීමේ කලාව වැඩ කරන්නෙ රාජපක්ෂලා විපක්ෂෙ ඉද්දි පමණක්මයි. 2015-2019 කාලෙ මේ වඳ කිරීම ජයටම කලත් ඊටපස්සෙ මේ වෙනකම් වගේ වගක් තිබුනෙ නෑ.

ඔන්න දැන් එකපාරටම ඥානසාර හාමුදුරුවො මව් වරුන්ගේ පෙරමුණ කියලා එකක් හදාගෙන සිවුර සාරියක් කරගෙන අම්මා කෙනෙක් වගේ වාඩිවෙලා මාධ්‍යට ආපහු කාන්තාවන්  වඳකිරීමේ මහා අපරාදය ක් ගැන හෙලිදරව් කරනවා. 

මේ උන්නාන්සෙ කියනවා විවිධ ක්‍රමවලින් අවුරුදු 20 ක් ඇතුලෙ කාන්තාවන් 875000 ක් වඳ කරලා කියලා. 

ජා.ජ.බ. පාර්ලිමේන්තු මංත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන රූපවාහිනී සංවාදයකදි මේ ගැන සඳහන් කරමින් කියනවා අපිට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕන මේ හාමුදුරුවො කියන දේවල් වගේ මෝඩ කථා නොකියන ඒවා විශ්වාස නොකරන සමාජයක් බිහිකිරීම වෙනුවෙන් කියලා.

ඉතින් මේකෙන් ලැජ්ජාවට පත්වුනු ඥානසාර හාමුදුරුවො ආයෙ මාධ්‍ය සාකච්ඡාවක් තියලා නජිත්ගෙ කොළඹ විවි වෛද්‍ය උපාධිය ප්‍රශ්න  කරමින් කථාවක් කරනවා. 

ඒකෙ හොඳම දේ කියන්නෙ කලින් නජිත්ගෙන් සිවුර ගලවගත්තු ඥානසාර මේ මාධ්‍ය සාකච්චාව කරලා තමන්  විසින්ම අඳනයත් ගලවලා දාලා නිරුවත් වෙන එක.

උන්නාන්සෙ සාකච්චාව පටන් ගන්නෙ නජිත් කිව්වා මම කථා කරන්නෙ LRT ගැන කියලා. ඒක වැරදියි හොඳට අහ ගන්නවා  ඉලන්දාරියා මම කියන්නෙ LRT ගැන නෙමේ. උපකරණ , පෙති  භාවිතා කරමින් සහ LRT මගින් කාන්තාවන් වඳ කරපු දත්ත කියලා.


මොනවද මේ ඥානසාර කියන උපකරණ, බෙහෙත් සහ LRT?


උපත් පාලනය කියන්නෙ ජීවීන්ගෙ පරිණාමික අවශ්‍යතාවයට  ප්‍රතිවිරුද්ධව ගමන් කිරීමක්. නමුත් මිනිසුන් ස්වාභාවික පරිසරය ජය ගැනීමත් සමග අනෙක් ජීවීන් අභිබවමින් කෙට් කාලයක් තුල ජනගහණය කිහිපගුණයකින් වැඩිකර ගත්තා. ඉතින් ජනගහණය පාලනයට  වගේම මාතෘ මරණ අඩු කර ගැනීමටත්  උපත් පාලනය අත්‍ය අවශ්‍යවුණා. එහෙම ගත්තොත් උපත් පාලනය කියන්නෙ මානව ඉතිහාසයේ අත්‍යාවශ්‍ය මෙන්ම විශිෂ්ට සොයා ගැනීමක්. 

දැනට උපකරණ විදියට තියෙන්නෙ loop කියලා  උපකරණයක්  ගර්භාෂය තුලට දැමීම. ඖෂධ විදියට හෝමොන පෙති  හෝ ඉන්ජෙක්ෂන්  ලබාදීම සහ හම යට තැන්පත් කරන ඖෂධ භාවිතා කිරීම. මීට අමතරව කොන්ඩම් සහ LRT (කාන්තාවන්ගෙ පැලෝපීය නාලයේ කොටසක් ඉවත් කරලා දෙපැත්තෙන් ගැට ගැසීම කරනවා). හැබැයි තාම විද්‍යාව සමත්වෙලා නෑ 100% ක් සාර්ථක, අතුරු ප්‍රතිපල නැතිව ලිංගික තෘප්තියත් රැකෙන උපත් පාලන ක්‍රමයක් සොයාගන්න. ඥානසාරලා, වීරවශලා, ජයසුමනලා ඒක දන්නවනම් කරන්න තියන  සරලම දේ ඒ වඳ කොත්තු වලට , වඳ යට ඇඳුම් වලට පේටන්ට් එකක් ගන්න එක. ඩොලර් බිලියන ගණනක් උපයන්න පුලුවන්.

ඉතින් මේ ඥානසාර උන්නාන්සෙ ලක්ෂ අටක් කාන්තාවො වඳ කලා කියන්නෙ මෙන්න මේ උපත් පාලන ක්‍රම භාවිතා කරලා දරුවන් හදන එක වලක්වා ගතිපු  හෝ ප්‍රමාද කරපු කාන්තාවන් ගැන.  මුලු ලෝකයෙම මේ උපත් පාලන  ක්‍රම  පාවිච්චි කරමින් ස්වේච්චාවෙන් වඳභාවයට පත්වන කාන්තාවන් ගණන කෝටි 100 ක් විතර. ඇත්තටම ගත්තොත් දරුවන් හදන වයසෙ කාන්තාවන්ගෙන් 80% ක් විතර මේ කුමන හෝ  උපත් පාලන ක්‍රමයක්  ජාති ආගම් භේදයකින් තොරව භාවිතා කරනව.

නමුත් මේ කිසිම ක්‍රමයක් කාන්තාවන්ගෙ පූර්ණ කැමැත්ත නැතිව කිසිම වෛද්‍යවරයෙක් නිර්දේශ කරන්නෙ නෑ කියලා මේ සිවුරු රඳවන නොදන්නවා වෙන්න බෑ.  


ඇයි දැන දැන බොරු කියන්නෙ?

මේ බොරු කියන්නෙ වෙන කිසිම දේකට නෙමේ. නැවත වටයකින් ලංකාව ඇතුලෙ ජාතිවාදය, වර්ගවාදය අවුස්සලා මේ උන්නාන්සෙලාගේ හාම්පුතාලා නඩය ආපහු බලයට ගේන්න පුලුවන්ද කියලා බලන්න.


අපි ජාතික ජනබලවේගයේ මංත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහත්මයට ස්තූති කරනවා මේ වගේ ගෝත්‍රිකයින්ගෙ සිවුර ගලවා දැමීම ගැන. හැබැයි රටක් විදියට අපි කනකාටු වෙන්න ඕන සහ ලැජ්ජා වෙන්න ඕන මේ වගේ අයට මයික් , කැමරා අල්ලන්න ජනමාධ්‍ය තවමත් තිබීම පිලිබඳව. ඒවගේම වෛද්‍ය සංගම්, ප්‍රසව හා නාරීවේද විශේෂඥයින්ගේ කොලේජ් මේ ජාතිවාදීන්ගෙ ප්‍රකාශ ගැන ජනතාව දැනුවත් නොකිරීම පිලිබඳව. 

වගේම මේ හාමුදුරු වරුන්ගෙ විනය භාර නිකාය වල නායක ස්වාමීන් වහන්සේලා මොවුන් ශාසනයෙන් නෙරපීමට කටයුතු නොකිරීම පිලිබඳ බෞධයින් කනගාටු වියයුතුයි.

වර්ථමාන ආණ්ඩුවත් තේරුම් ගන්න ඕන ලෝකෙ බොහෝ ප්‍රගතිශීලී ජනතාවාදී ආණ්ඩු බිඳවට්ටන්න සතුරන් පාවිච්චි කරපු මෙවලම ජාතිවාදය, ආගම් වාදය මතුකිරීම හරහා ගැටුම් ඇති කිරීම බව. ඉතින් ඒවා සම්බන්දයෙන් ප්‍රතිචාර දැක්වීම සහ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ආණ්ඩුවකට ඉතාම අඩු  සීමාවක් ( threshold) පවත්වා ගත යුතු බව අපගේ විශ්වාසයයි

Post a Comment