Posts

ලන්ඩන්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේදී විජයග්‍රාහී ලෙස සමරනු ලැබූ 78 වන නිදහස් දිනය

 

ලන්ඩන්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේදී විජයග්‍රාහී ලෙස සමරනු ලැබූ 78 වන නිදහස් දිනය

ලන්ඩන් නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනය ගෞරවයෙන් සහ ජයග්‍රාහී ආකාරයෙන් අද පෙරවරු 10.00ට සමරනු ලැබීය.

මෙම උත්සවයට ලන්ඩනයේ සිටින ශ්‍රී ලාංකික විදේශිකයන්, බ්‍රිතාන්‍ය විදේශ කටයුතු කාර්යාලයේ නියෝජිතයින්, ව්‍යාපාරිකයින් සහ ජාතික ජන බලවේග (NPP) රජය අනුග්‍රහ කරන පක්ෂ සාමාජිකයින් හා ආධාරකරුවන්  විශාල පිරිසක් සහභාගී විය.

බහු ආගමික වතාවන්  හා එක්සත් බව

උත්සවය ආරම්භ වූයේ බෞද්ධ, හින්දු, මුස්ලිම් සහ ක්‍රිස්තියානි ආගමික වතාවන්  වලින් වු අතර, ඒ මගින් ශ්‍රී ලංකාවේ ආගමික සහ සංස්කෘතික විවිධත්වය සහ එකමුතුව ප්‍රකාශ විය.

ජනපති- අගමැති සහ විදේශ ඇමතිගේ නිදහස් සැමරුම් පණිවිඩ 

ඉන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පණිවිඩය, අග්‍රාමාත්‍ය  හරිනි අමරසූරිය මහත්මියගේ පණිවිඩය සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාගේ පණිවිඩය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් විසින් කියවන ලදි. 

මෙම පණිවිඩ තුළ රජයේ සංවර්ධන වැඩ සටහන් , ජනතාව කේන්ද්‍ර කරගත් සංවර්ධනය, දූෂණයට එරෙහි ක්‍රියාමාර්ග සහ ජාත්‍යන්තර විශ්වාසය නැවත ගොඩනැගීම පිළිබඳ අවධානය යොමු කර තිබුණි.

දූෂණ විරෝධී වැඩපිළිවෙළ

මහ කොමසාරිස් නිමල්ම සේනාධිර මහතා උත්සවයේ කථා කරමින්, රජය විසින් දූෂණයට එරෙහිව ගෙන යන ක්‍රියාමාර්ග සහ විවෘතභාවය පිළිබඳ වැඩපිළිවෙළ ජාත්‍යන්තර ප්‍රශංසාවට ලක්ව ඇති බව සඳහන් කළේය.

එමෙන්ම, රට තුළ සියලුම ජන කොටස් අතර එකමුතුව ගොඩනැගීමේ වැදගත්කම ද ඔහු අවධාරණය කළේය.

ශ්‍රී ලංකා – බ්‍රිතාන්‍ය වෙළෙඳ සම්බන්ධතා

මහ කොමසාරිස්වරයා අනාවරණය කළේ, ශ්‍රී ලංකා හා බ්‍රිතාන්‍යය අතර වෙළෙඳ සබඳතා ඉහළ යමින් පවතින බවයි.

විශේෂයෙන් ඇඟලුම් අපනයන සඳහා බදු රහිත පහසුකම් ලබා දීම හරහා, බ්‍රිතාන්‍ය වෙළෙඳපොළට ශ්‍රී ලාංකික නිෂ්පාදන ශුන්‍ය බදු යටතේ ප්‍රවේශ විය හැකි බව ද ඔහු පැවසීය.

NPP සමාජියන්ගේ බහුතර  සහභාගීත්වය

මෙවර උත්සවයේ විශේෂ ලක්ෂණයක් වූයේ, බ්‍රිතාන්‍යයේ පදිංචි NPP පක්ෂ සාමාජිකයින් සහ ආධාරකරුවන්  විශාල වශයෙන් සහභාගී වීමයි.

ඔවුන් නව රජයට සහ මහ කොමසාරිස් කාර්යාලයට සහය දක්වමින් උත්සවය සහභාගි විම, විශේෂ කරුනකි. 

ශ්‍රී ලාංකික ආහාර හා හිතවත්ත්වය

උත්සවය අවසානයේ, සහභාගී වූ අමුත්තන්ට රසවත් ශ්‍රී ලාංකික ආහාර සපයන ලදී.

මෙය, දූත මණ්ඩලය, ව්‍යාපාරිකයන් සහ ප්‍රජා නියෝජිතයන් අතර හිතවත් සම්බන්ධතා වර්ධනය කිරීමට අවස්ථාවක් විය.

සාර්ථක උත්සවයක් ලෙස සැලකෙන සමරු දිනය

මෙවර නිදහස් දිනය, ලන්ඩන් මහ කොමසාරිස් කාර්යාලයේදී පවත්වනු ලැබූ ඉතාමත් සාර්ථක උත්සවයක් ලෙස බොහෝදෙනා විසින් අගය කරනු ලැබීය.

එය නව දේශපාලන නායකත්වය, ජාත්‍යන්තර විශ්වාසය සහ විදේශික ශ්‍රී ලාංකිකයන්ගේ සක්‍රීය සහභාගීත්වය පිළිබඳ ශක්තිමත් සංකේතයක් විය.

Post a Comment