ලන්ඩනයේ “ඒක පුද්ගල සංවිධාන” සංස්කෘතිය – වැඩිවෙන ගැටළුවක්
පසුගිය කාලය තුළ එක්සත් රාජධානියේ ජීවත් වන ශ්‍රී ලාංකික ජනතාව අතර අමුතුම ප්‍රවණතාවක් මතුවී ඇත. එනම්, නාමයෙන් “සමාජ සංවිධාන” ලෙස පෙනී සිටින නමුත්, ඇත්ත වශයෙන්ම එක් පුද්ගලයෙකු වටා පමණක් ක්‍රියාත්මක වන සංවිධාන බහුල වීමයි.
මෙම සංවිධාන “සිංහල සමාජය”, “දමිළ සමාජය”, “මුස්ලිම් සමාජය” නියෝජනය කරන බව කියමින් ප්‍රකාශ නිකුත් කරති. උත්සව හා රාජ්‍ය අවස්ථාවලට සහභාගී වෙති. ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සහ බ්‍රිතාන්‍ය විදේශ කාර්යාලය සමඟ සම්බන්ධතා ඇති කරගනිති. නමුත් සැබෑවෙන් බැලූ විට, බොහෝ සංවිධාන එක් පුද්ගලයකු විසින් පමණක් පවත්වාගෙන යන ව්‍යාපෘති බව පැහැදිලිය.
මෙම සංවිධානවල ක්‍රියාත්මක විධායක කමිටු නැත. සාමාජිකත්වය පැහැදිලි නැත. නිදහස් කමිටු හෝ කාරක සභා මැතිවරණ නොපවත්වති.. වාර්ෂික සභා නොමැත. ගිණුම් පරීක්ෂා නොවේ. නායකත්වය මාරු නොවේ. එකම පුද්ගලයා වසරෙන් වසර තනතුරු මාරු කරගෙන බලය අතහැර, තම තනතුරේම රැදි සිටිති
අද සභාපති, හෙට ලේකම්. හෙට ලේකම්, ලබන වසරේ සභාපති. ලිපිශීර්ෂය වෙනස් වුවත්, බලය අතේ තියෙන්නේ එකම පුද්ගලයාටය.
මෙය මූලික ප්‍රශ්නයක් උත්පාදනය කරයි: ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම වේදයක් නොමැතිව එක් පුද්ගලයෙකුට දහස් ගණනක් බොරුවට නියෝජනය කළ හැකිද?
බ්‍රිතාන්‍යයේ සමාජ සංවිධාන සාමාන්‍යයෙන් වගකීම, සහභාගීත්වය සහ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම් වේ. නායකත්වය මාරු විය යුතුය. නිලධාරීන් මැතිවරණයෙන් තෝරාගත යුතුය. තීරණ එකතුවෙන් ගත යුතුය.
නමුත් ශ්‍රී ලාංකික ඩයස්පෝරාවේ ඇතැම් කොටස් මෙම සම්ප්‍රදායන් නොසලකා හරිමින් ක්‍රියා කරති.
සිංහල, දමිළ, මුස්ලිම් සංවිධාන අතර එකම මුහුණු නැවත නැවත පෙනේ. කිහිපදෙනෙකු වසර ගණනාවක් තනතුරු තබාගෙන සිටිති. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වන්නේ ආරාධනා ලැබීම, රාජ්‍ය නිලධාරීන් හමුවීම, උත්සවවල ඡායාරූප ගැසීම සහ තමන්ට විවිධ උත්සව සදහා ආරාධනා පත් ලබා ගනිමින්, උත්සවයේ ජයාරුප සමාජ මාධ්‍යවලට දමා, තමාගේ ප්‍රතිරුපය පුම්බවා ගැනිමය.
මෙහි නියෝජනය වන්නේ නාට්‍යයක් පමණි – යථාර්ථයක් නොවේ.
මෙය ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය සමඟ සමාන වේ. කණ්ඩායම් නායකත්වය වසර ගණනාවක් අත්හැර නොදමන දේශපාලන නායකයන් මෙන්ම, මෙම ඩයස්පෝරා නායකයන් ද බලය අල්ලාගෙන සිටිති.
තවත් බරපතල කරුණක් වන්නේ මෙම එක් පුද්ගල සංවිධාන පහසුවෙන් රාජ්‍ය පිළිගැනීම ලබාගැනීමයි. මනංකල්වැපිතව වැඩි කළ සාමාජික සංඛ්‍යාවන්, විශාල නාමයන් භාවිතා කරමින් ඔවුන් ලියාපදිංචි වෙති.
නමුත් ඒ පිළිබඳ සැබෑ තත්වය නොවේ.
සාමාජික ලැයිස්තු කිසිදාක බාහිර පාර්ශවයන්ගේ පරික්ෂණයට ලක් නොවේ.
පාලන ව්‍යුහ පරීක්ෂා නොවේ.
අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය තක්සේරු නොවේ.
එමඟින් රාජ්‍ය ආයතන සැබෑ නියෝජිතයන් නොවන පුද්ගලයන් සමඟ කටයුතු කිරීමේ අවදානමට ලක්වෙති.
විශේෂයෙන් දේශපාලන ප්‍රශ්න සම්බන්ධයෙන් “සමාජයේ නාමයෙන්” ප්‍රකාශ නිකුත් කරන විට, ඒවාට අධික වැදගත්කම ලැබීම බරපතල ගැටළුවකි.
මෑත කාලයේදී මෙම ගැටළුවේ නව මුහුනුවර කදිමට පැහැදිලිය. පෙර NPP රජයට විරුද්ධව කටයුතු කළ ඇතැම් පුද්ගලයන්, පසුව NPP රජයට සමීප වීමට, තම ඒක පුද්ගල සමාජ සංවිධාන හරහා උත්සාහයක නිරත විම දැකගත හැකිය.
මෙම කුට සජවිධාන අටවාගත් අය,
ඉතා උච්ච ලෙස ලන්කඩනයේ කතා කරති.
නමුත් ලංකිකයන්ගේ ප්‍රශ්න දෙස බලන්නේ නැත.
ප්‍රකාශ නිකුත් කරති.
නමුත් සාකච්ඡා නොකරති.
අංක කියති.
නමුත් ලේඛන නොපෙන්වති.
“සමාජය” කියති.
නමුත් තමන්ම පමණක් විමසති.
මෙම විකෘති සංවිධානවල, බොලද ක්‍රියා කලාපයන් නිසා සැබෑ ජන හිතකාමි , ලාංකික සංවිධානවලටත් අගතින්ට මුහුණ පාන්නට සිදුවි තිබේ .
එමෙන්ම ලංකාවේ රාජ්‍ය නිලධාරීන්ට සහ විදේශ ආයතනවලට, ලංකා ඩයස්පෝරාවේ සැබෑ අදහස් සහ යෝජනා හුවමාරු කරගැනිමට, මෙම ඒක පුද්ගල සංවිධාන වලින් බධාවන් ඇති කර තිබේ
ඒක පුද්ගල සංවිධාන වල, සභාපති කම් දරමින් , තම බඩගෝස්තරය සදහා එංගලන්තයේ ජිවත් වන ලංකිකයන්ගේ නියෝජිතයන් ලෙස, රගපෙන මෙම කුට පිරිස නිසා , මහ කොමසාරිස් කාර්යාලයට , ලංකිකයන්ගේ නියම නියෝජිතයන් සමග ගනුදෙනු කිරිමේ , අවස්ථාව මග හැරි යාමට ඇති ඉඩ ප්‍රස්ථා වැඩිය.