المشاركات

ඇත්තටම දන්නේ නැති නිසයි අහන්නේ

 

දැන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ඔක්ස්ෆඩ් සහ කේම්බ්‍රිජ් සරසවි දෙකෙන් ආරාධනා කළා නම් ඔය විදියට එහෙම ඒ ආරාධනා

කැන්සල් කරන්නේ ඇයි? ඒ කොහොමද? දෙකම එකපාර?

එකක් තමයි එයාල අරාධනා කරද්දීම දන්නවා නාමල් එංගලන්තෙට එනකොට ඔය කියන විදියේ විරෝධතා ප්‍රශ්නයක් එන්න පුළුවන් කියල. ඒ නිසා ආරාධනාව අකුලා ගන්නවා නම් හෝ එහෙම කරන්න හිතාන ඉන්නවා නම් ආරාධනා නොකරම ඉන්න තිබ්බ.

අනික අරාධනා කරපු වෙලාවේ නාමල් කියන්න තිබ්බ ඔව් මම ආරාධනාව පිලිගන්නවා. හැබැයි මෙහෙම සීන් එකක් වෙන්න පුළුවන් එතකොට කරන්නේ මොකක්ද කියල අහන්න.

අනික තමයි අරාධනා කළා නම් මොන මගුලක් උනත් ඒ ශිෂ්‍ය සංගම් දෙකට තිබ්බ ආරක්ෂාව සහතික කරලා ප්‍රකාශනයේ අයිතිය තහවුරු කරන්න. ඒක තමයි එයාලගේ ඇකඩමික් සම්ප්‍රදාය.

දැන් කැන්සල් කරනකොට තමන්ගේ ආරාධිත අමුත්තා තමන්ගේ රටටත් ඇවිල්ල. දැන් හෙට මේක තියන්න ඔන්න මෙන්න කියල මොකක්ද මේ කරපු වැඩේ...

අවම වශයෙන් ඔක්ස්බ්‍රිජ් කට්ටිය රටක පක්ෂ නායකයෙක්ට තමන්ගේ කණගාටුව ප්‍රකාශ කළාද? මම දැක්කේ නැහැ එහෙම කරනවා. දැක්ක කෙනෙක් කියන්න....


මම කියන්නේ නාමල් ද කවුද කියන එක නෙවෙයි. මේක රටක් හැටියට හරි නැති දෙයක්.

Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)

إرسال تعليق