විපක්ෂයේ ‘නෝනවතින බේගල් රැල්ල’ ගල උඩ සටනක් දක්වා
ටෙරල් අබේසිංහ
අද විපක්ෂයේ ඉන්න අති බහුතරයක් දේශපාලන පක්ෂ සහ දේශපාලකයෝ 1948න් පස්සේ රට පාලනය කල දේශපාලන පක්ෂ සහ ඒවායේ සාමාජිකයෝ.
2022 පැනනැගුණ ජනතා අරගලය සංදිස්ථානයක් හැටියට ගත්තොත් ඒ ජනතා නැගිටිමට පදනම වුන ආර්ථික, සමාජ අර්භූද යනු අද විපක්ෂයේ ඉන්න දේශපාලන පක්ෂ සහ ඒවායේ සාමාජිකයන් ගේ සුජාතා දරුවෝ.
2022 පැමිණීමට කලින් 1971, 1987-88 සහ අවුරුදු 30ක් කාලයක් පුරාවට ඇදී ගිය යුද්දයක් සමාජයෙන් බිහි වුනා.
මේ අරගලයන්ට පදනම් වුන හේතු කාරණා වලත් පිතෘත්වය හිමි වෙන්නේ අද විපක්ෂයේ ඉන්න කණ්ඩායම් වලටයි.
නමුත් මේ සංසිද්දීන්වලට බල දේශපාලනයේ බරපතල වෙනසක් කිරීමට හැකියාවක් ලැබුනේ නැහැ.ඒ වෙනුවට පරාජිත විපක්ෂයේ මඩිය තර කරගන්න මේ ජනතා නැගිටීම් හේතු වුනා.මේ සඳහා තියෙන හොදම උදාහරණය වෙන්නේ යුද්දය සහ එහි අවසානය පදනම් කරගෙන ගොඩනැගුණ මංකොල්ල කරුවන් ගේ දේශපාලනයයි.
නමුත් 2022 න් ඇරබුන ජනතාවගේ දේශපාලන වෙනස්කම් මේ මොහොතේ ගමන් කර ඇත්තේ ජාතික ජන බලවේග ආණ්ඩුවක් හරහා රට පාලනය කරවීමේ දිශාවටයි.
ඒ සඳහා ජා ජ බ සපුරා ඇති සුදුසුකම් වෙන්නේ;
•යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන් තම ජිවිත ආදර්ශයක් කරමින් දේශපාලනයේ යෙදීම.
* දුෂණ වංචා වලට තිත තැබිමේ අවශ්‍යතාව තම ජිවන භාවිතාවක් කරගැනීම.
* නීතිය ඉදිරියේ සෑම දෙනාම සමානයෝ හැටියට පිළිගැනීම.
ආදී කරුණු වෙයි.
පරාජිත විපක්ෂයට මේ භාවිතාවන් යනු හිතා ගැනීමටත් බැරි භාවිතාවන්. මොහුන්ගෙන් අති බහුතරයක් දේශපාලනයට අවතීරණ වෙන්නෙම මේ භාවිතාවන්ට ප්‍රතිපක්ෂය භාවිතාවේ යෙදවීමටයි.
දැන් වර්ධනය වෙමින් තියෙන දේශපාලන සංස්කෘතිය සමාජ තුළ මුල් බැස ගත්තා කියන්නේ මේ කණ්ඩායමේ කොල්ලකාරි දේශපාලන අනාගතය සම්පුර්ණයෙන්ම මැකී යෑමයි.එයින් ගැලවීමට කල හැකි එක උත්සහයක් වෙන්නේ ජා ජ බ. පවත්වාගෙන යන දේශපාලන වටිනාකම් සහ ආකල්ප, සමාජ වැටිනකම් සහ ආකල්ප බවට පත්වීම වලක්වීමට කල හැකි සෑම දෙයක්ම සෑම විනාඩියකදීම ක්‍රියාවට නැගීමයි.
ඒ සඳහා ඔහුන් තෝරාගෙන තියෙන්නේ සෑම දවසකටම අවම එකක් බැගින් වුන චෝදනාවක් ආණ්ඩුවට එරෙහිව ගොඩනැගිම සහ සමාජ මාධ්‍ය සහ විපක්ෂයේම කොටස් කරුවන් වෙන හිරු, දෙරණ මාධ්‍ය භාවිතා කරමින් නෝනවත්වා මේ බොරු සමාජ ගත කිරීමයි.
මේ සඳහා කිට්ටුම උදාහරණය කිහිපයක් සටහන් කලොත්;
•දිට්වා සුළි කුණාටුව හරහා ගොඩනගපු බේගල්.
* ගල් අගුරු සම්බන්දව ගෙනයන ප්‍රචාරයන්.
* අලුත්ම බේගලය වෙන රෝමයට ගිය ගුවන් යානය.
* තෙල් මිල වැඩි වීම සම්බන්දව ගොඩනගන අසත්‍ය තර්ක.
මේ නෝනවතින බේගල් රැල්ල හරහා බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ ජිවන වටිනාකම් සහ ආකල්ප වලට කිසිදු ඉඩක් නැති නව සමාජ දේශපාලන වටිනාකම් සහ අකල්ප සමාජයේ තාහුරු වීමට හැකි තාක් බාදා කිරීමයි.
දැන් ඇත්තේ ගල උඩ සටනකි.
අපි දිනන්නෙමු !
- ටෙරල් අබේසිංහ