المشاركات

යුද්ධය නිමාවන සළකුණු.. ( ඒක මෙහෙමයි වෙන්නේ)

ශානක මදුසංක

මේ යුද්ධයෙන් ඇමෙරිකාව දිනන්නෙ නෑ. හැබැයි පරදින්නෙත් නෑ. ඒ පාදම මත ඉඳන් තමයි ඇමෙරිකා-ඉරාන යුද්ධය ගැන කතා කරන්න වෙන්නෙ. නමුත් ඊශ්‍රායල සාධකය මෙහි ව්‍යාතිරේඛයක් බවත් කියන්න ඕන. 

එහෙම කිව්වම කුඩුවෙන්න ගහල විනාශ කරල මහා නස්පැත්තියකින් තමන් අදහන පාර්ශවයේ ජයග්‍රහණයක් ගැන හිතන බොහෝ අය අවුල් වෙනවා. නමුත් කරන්න දෙයක් නෑ. මේක තමයි යථාර්ථය.  

"යුද්ධයට ජයග්‍රාහකයෙකු නැත. පරාජිතයන් සිටියි."ඒක අපි හැමදාම කියන දෙයක්.

මේ වගේ භයානක, ලේවැකි යුද්ධයක් ඉදිරියට යද්දී සාමය වෙනුවෙන් අඩියක් හෝ පසුපසට යන්නේ කවුද ඔහු සමච්චලයට ලක් කිරිම නොවෙයි විය යුත්තේ. පසු බැසීම යුද උපායක් වගේම රාජ්‍යතාන්ත්‍රික ජයග්‍රහණයක්.

යුද්ධය දිගටම ඇදගෙන යෑම ගැන ඩොනල්ඩ්  ට්‍රම්ප්  යම් කුකුසක ඉන්න බව දැන් පේනවා.  ඔහුගේ Body language අනුව මතුපිටින් පවා එය නිරීක්ෂණය වෙනවා. එක්කෝ ඔහු ලොව බලවත්ම හමුදාවට අණ දෙන්නා යන සිතිවිල්ලෙන් මිදී ව්‍යාපාරිකයෙක් ලෙස හිතනවා. කොහොමත් ට්‍රම්ප්ට අනුව යුද්ධය, සාමය හෝ වෙන ඕනෑම රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාවලියක් ගනුදෙනුවක් පමණයි. ඉරානය ගැන කරදර වෙනවාට වඩා එක්සත් ජනපදයේ උපාය මාර්ගික සතුරාගේ නැඟීම ගැන ට්‍රම්ප් මහත්තයා වද වෙන බව කිව හැකියි. 

හෝමූස් මුහුදේ යුවාන් ගනුදෙනු දිග්ගැස්සුනොත් ඩොලරයට වෙන හානිය ගැන කූඨ ව්‍යාපාරික ඉවක් ට්‍රම්ප්ට  තියෙනවා.  Make America Great Again (MAGA) යනු හුදු වචන හතරක් නොවෙයි. එය Republican පක්ෂයේ වර්තමාන ප්‍රතිපත්තිය. 

එක්සත් ජනපද රාජ්‍යයේ Deep state බලය දරන්නේ මිලිටරිය නොවෙයි. බහු ජාතික සමාගම්. ට්‍රම්ප් එක් පැත්තකින් මතුපිට රාජ්‍යයේ පාලකයා වන ගමන් අනිත් පැත්‍තෙන් මෙම Deep state හිත් සාමාජිකයෙක්. මීට පෙර සිටි ඇමෙරිකානු ජනාධිපතිවරුන්ට වඩා ට්‍රම්ප්ගේ විශේෂත්වය එයයි. 

තවත් පැත්තකින් තම මූලික පොරොන්දු ගැන දැන් ඔහු වද වෙන බවයි නිරීක්ෂණය. ට්‍රම්ප්  දෙවැනි වර බලයට පත්වීමේදී දුන් පොරොන්දුවක් තමයි ලෝකයේ පවතින යුද්ධවලට මැදිහත් නොවීම. ඔහු බලයට ආවේ සාමයේ දුතයෙකු ලෙස. ඇමෙරිකානු ජීවිත ආරක්ෂා කරන්නෙකු ලෙස.

යුද්ධය මෙතැනින් එහාට දිග්ගැස්සුණොත් විශාල ජීවිත හානියක් වෙනවා. ඊශ්‍රායල ප්‍රහාරවලින් බැහැරව ගත හොත් මේ දක්වා බොහෝ විට සිදුවුණේ මූලධර්මවාදී ඉරාන රෙජීමයේ බලකණු විනාශ කිරීම, යුද නැව් විනාශ කිරීම සහ යුදමය සහ න්‍යෂ්ටික මර්මස්ථානයන්ට පහරදීම. 

ඉදිරියේදී සිදුවිය හැකි ජීවිත හානිය ගැන ට්‍රම්ප් යම් තිගැස්මක සිටින බව පැහැදිලියි. දැනටමත් ඔහුගේ බටහිර මිතුරන් ඇතුළුව ලෝකයේ බොහෝ රටවලින් ඊට විරෝධය මතුවෙනවා. යුරෝපීය රාජ්‍යනායකයන්ට ඇමෙරිකාවට රාජ්‍යතාන්ත්‍රික බලපෑම් කිරීමේ හැකියාව තවමත් ඕනෑ තරම් තිබෙනවා. ඒ බව ට්‍රම්ප් මාධ්‍ය ඉදිරියේ පෙන්වන එකක් නැහැ. නමුත් බ්‍රිතාන්‍ය, ජර්මානු, ප්‍රංශ සහ ඉතාලි නායකයන්ට රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් හරහා ඇමෙර්කානු රාජ්‍යතාන්ත්‍රයට බලපෑම් කිරීමේ හැකියාවක් තිබෙනවා.

මී ළඟට  චීනය සහ රුසියාව. අදටත් මේ දැවැන්තයන් දෙදෙනා යුද්ධයේදී ඉරානයේ පැත්ත අරන් නැහැ. ඊට හේතුව තමයි ට්‍රම්ප් සාධකය කළමනාකරණය කිරීමට ඇති ඔවුන්ගේ අභිලාෂය.ඉරානයේ අයෙතුල්ලා පාලනය ගැනත් ඒ දෙරටට එතරම් මනාපයක් තිබුණේ නැහැ. 

සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉරානය සමඟ වූ යුද්ධය දිගටම කරගෙන යන ලෙස ඇමෙරිකාවට බලකරනවා. නමුත් මේ බලපෑමත් සංකේතාත්මකයි. ඔවුන් ඉන් අපේක්ෂා කරන්නේ මැද පෙරදිග කලාපයේ බල සමතුලිතතාවයක්. ඉරාන ප්‍රහාර එල්ල වීම ඔවුන්ගේ සුන්නි බල අධිකාරියට අවමානයක්. ඉරානය ශියා මුස්ලිම් ලෝකයේ නායකත්වය උසුලනවා සේම සෞදි අරාබිය සුන්නි මුස්ලිම් ලෝකයේ නායකත්වය උසුලනවා.

මේ සියල්ල ගැට ගැහෙන්නේ ගෝලීය ආර්ථිකය සමඟ. කුඩා ආර්ථිකයන් මහා පරිමාණයෙන් කඩා වැටීමට වඩා මහා ආර්ථිකයන්ගේ කුඩා අවගමනයන් ගැන මහා බලවතුන් කරදර වෙන බව පේනවා.

ට්‍රම්ප්ට කොහොමත් මේ යුද්ධය රට ඇතුළේ දිනන්න බැහැ. දැනටමත් ඇමෙරිකානුවන් වැඩි පිරිස ඉන්නෙ මේ යුද්ධයට එරෙහිව. ඩිමොක්‍රටික් පමණක් නොව රිපබ්ලිකන්වරුත් දැන් ට්‍රම්ප්ට දොස් කියනවා.

ට්‍රම්ප්ගේ ප්‍රකාශ එකිනෙකට පරස්පර වීමෙන්ම ඔහු සියුම් පීඩනයක සිටින බව පේනවා. 

අද ඔහු කරන සමහර ප්‍රකාශ ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍ය පවා පතුරු ගහනවා.  මේ ඉන්නෙ ට්‍රම්ප්ද නැත්නම් ට්‍රම්ප් වගේ ඇඳගත්ත බයිඩන්ද කියල MSNOW මාධ්‍යවේදිනියක් සමච්චලයෙන් අහනවා.

තමන්‍ට ඉරානයෙන් ලොකු තෑග්ගක් ලැබුණු බවට ට්‍රම්ප් කළ ප්‍රකාශය නිසා ලොව පුරා මාධ්‍ය ගිනි ගෙන තිබෙනවා. ඉරාන රෙජීමය යුද්ධය අවසාන කිරීමට ඉල්ලමින් තමන්ට මෙම ත්‍යාගය ලබා දුන් බවත් එය ලොකු මුදල් ත්‍යාගයක් බවත් ට්‍රම්ප් කියනවා. මාධ්‍යවේදීන්ට ට්‍රම්ප්ගේ මේ ප්‍රකාශය ගැන වාර්තා කරද්දිත් හිනාව නවත්වා ගන්න බැහැ.

එම ත්‍යාගය න්‍යෂ්ටික කටයුතු සම්බන්ධයෙන්දැයි ඇසුවාම ට්‍රම්ප් කිව්වේ ගෑස් සහ තෙල් සම්බන්ධ ත්‍යාගයක් ලෙසයි.

Bloomberg පුවත් සේවයට අනුවනම් ට්‍රම්ප් මේ කියන්නේ ඉරාකයේ සිට පැමිණි බොරතෙල් බැරල් මිලියන 2ක් රැගත් නෞකාව ගැනයි.  පෙබරවාරි 28 යුද්ධය ආරම්භ වුනාට පසුව හෝමූස් සමූද්‍රසන්ධිය හරහා ආරක්ෂිතව පිටව ගිය පළමු තෙල් නැව තමයි මේ. එක්සත් ජනපදය වැනි දැවැන්ත ආර්ථිකයකට බොරතෙල් බැරල් මිලියන 20ක් ලැබීම ඒ තරම්

ලොකු තෑග්ගක් වුණේ කොහොමදැයි අසමින් ඇමෙරිකානු මාධ්‍ය පවා ට්‍රම්ප් පතුරු ගහනවා. නමුත් එකි නැව් සමාගමේ වාර්තා අනුව එහෙම නැවක් ඇවිල්ලත් නැති බවට මාධ්‍ය වාර්තා පලවෙනවා.

ට්‍රම්ප් දැන් ඇමෙරිකානුවන්ට කියනවා තමන් යුද්ධය දිනපු බව. 

"ඉරාන රෙජීමය ඉවරයි. ඉරාන නාවික හමුදාව ඉවරයි. යුද හමුදාව ඉවරයි. මිසයිල සියල්ල අඩපණයි. ඉරානය පාලනය කරන්න හරියට නායකයෙක්වත් දැන් නැහැ. ඉරානයේ ඊ ළඟ අයෙතුල්ලා පත්වෙන්නෙ තමන්ට අවශ්‍ය විදියට. ඉරානයේ දැන් ඉන්න සාධාරණ හා බලවත් නායකයන් කිහිප දෙනෙකු සමඟ දැන් සාකච්ඡාවක ඉන්නවා. හෝමූස් සමූද්‍රසන්ධියේ පාලනය තමන් සහ ඊ ළඟ අයතුල්ලා එක්ව සිදුකරනවා. අපට අවශ්‍ය ඕනැම දෙයක් අපි අපේ පාලනයට ගන්නවා. ඉතින් දැන් මට මේ යුද්ධය දිගටම අරන් යන්න උවමනා නැහැ. මොකද මිනිස්සු මැරෙනවා. ඉරානයට පොඩි කාලයක් දෙනවා. මම කියන කොන්දේසිවලට එකඟ වෙන්න ඕන. නැත්නම් ඉරාන බලශක්ති මර්මස්ථාන සියල්ල විනාශ කරනවා. "

ඒක තමයි ට්‍රම්ප්ගේ අද ප්‍රකාශවල සාරාංශය.

ඒ වගේම ඔහු කියනවා ඇමෙරිකානු සපත්තු මැදපෙරදිගට යවන බව. ඒ කියන්නේ පාබල හමුදා යැවීමක් ගැන. ඒත් ට්‍රම්ප් පරිස්සම් වෙනවා ඉරානයේ නම නොකියන්න. Boots on the ground in the Middle East යනුවෙනුයි ඔහු සඳහන් කරන්නේ. විදේශ භූමි ආක්‍රමණ සඳහා පාබල හමුදා යැවීම ජීවිත වන්දියක්. ඊට එරෙහිව ට්‍රම්ප්ගේම මැතිවරණ පොරොන්දු තියෙනවා. 

අනිත් අතට ඇමෙරිකානු දෙමව්පියන්,බිරින්දෑවරුන් ට්‍රම්ප්ගේ යුද්ධයකට තම ආදරණීයයන් බිලි දෙන්න කැමතිවෙන එකක් නැහැ. ඒ නිසා ට්‍රම්ප්ට සිදුවෙනවා සීරුමාරුවට වචන හසුරවන්න.

එක්සත් ජනපදය ප්‍රජාතන්ත්‍රවාදී අධිකාරියක් සහිත රාජ්‍යයක්. ට්‍රම්ප්ට සිදුවෙනවා බහුතර ජනමතය ගැන හිතන්න. නමුත් ඉරානයට එහෙම ගැටළුවක් නැහැ. ඔවුන්ගේ ආගමික අධිකාරියක් සහිත පාලනයට ජනමතය එතරම් වැදගත් නැහැ. 

කොහොම නමුත් එක්සත් ජනපද පාබල හමුදවට අයත් භටයන් 2000කින් යුත් පැරෂුට් බලකායක් ඉරානයට නුදුරු කාග් දූපතට යැවීමට ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. මෙය සංකේතාත්මක පාබල හමුදා යෙදවීමක් පමණයි. මේ හමුදා ඛණ්ඩය යැවෙන්නේ දැනටමත් ඇමෙරිකානු යුද නෞකා සහ නාවික හමුදා ස්ථාපිත කර ඇති ආරක්ෂිත කලාපයකට. සාමයට අතවැනුවත් තමන් යුද්ධයට සූදානම් බවයි ට්‍රම්ප් මෙයින් ඉඟි කරන්නේ.

දෙවන ලෝක යුද්ධයෙන් පසු පාබල හමුදා යෙදවුමකින්  පමණක් ඔවුන් නිශ්චිත ජයග්‍රහණයක් ලබා නැහැ. එනම් වෙනත් රටක බලය අල්ලාගෙන නැහැ. වියට්නාමයේදී එය සාර්ථක වුණේ නැහැ. කුවේටයේදී සිදුවුණේ සදාම් හුසේන්ගේ ආක්‍රමණයෙන් ඔවුන් මුදාගැනීම පමණයි. ඇමෙරිකාව මෙතෙක් කළේ දුර්වල රටවල් කෙරෙහි ආධිපත්‍යය පවත්වා ගැනීමයි. ඒ ඔස්සේ ලෝක ආධිපත්‍යය පවත්වා ගැනීමයි.

අනිත් අතට දෙවන ලෝක යුද්ධයේදී අයිසන්හවර්ගේ ඇමෙරිකානු පාබල හමුදා බලඈණි ජර්මනියට ගියේ ප්‍රංශය පැත්තෙන්. ඊට බ්‍රිතාන්‍යය හා ප්‍රංශය සහාය දැක්වූවා. නාසි පාලනය නිමා කිරීමේ වැඩිම කැපකිරීම සිදුකළේ සෝවියට් පාබල හමුදාව. 

මේ වන විට ට්‍රම්ප්ට ඔහුගේ බටහිර මිතුරු බලඈණිය එතරම් උදව් කරන්නේ නැහැ.

දෙවන ලෝක යුද්ධයේදී ඇමෙරිකාවට සිද්ධ වුණා මිලියනයක් පමණ හමුදා භටයන් අලුතින් බඳවා ගැනීමට. එක්සත් ජනපද හමුදා ශක්තිය එක්ව ගත් කළ ලොව බලවත්ම හමුදාව බව ඇත්ත. නමුත් ඒ ගුණාත්මක සහ තාක්ෂණික වශයෙන්. එසේම මුදල් බලයෙන්. තවත් පැත්තකින් බුද්ධිමය වශයෙන්. නමුත් එක්සත් ජනපද පාබල හමුදාම තනිව ගත්තොත් එහි ප්‍රමාණය උපරිම ලක්ෂ 5යි. 

මේ ලක්ෂ පහට පුළුවන්ද මිලියන 90ක ඉරාන ජනතාවක් යටපත් කරන්න. ඉරානය දැන් ඉන්නේ උන්නත් එකයි මළත් එකයි යුද මානසිකත්වයක. ඔවුන්ට අත්පත් කර ගැනීමට දෙයක් නැහැ. නමුත් රැකගැනීමට දෙයක් තියෙනවා. ඒ ඔවුන්ගේ පැරණි පර්සියානු අභිමානය. ඉරානයේ සිටින්නේ  මුලධර්මවාදිඋ මුල්ලාවරු පමණක් නොවෙයි.

ඕනෑම මොහොතක පිරිමි ජනගහණයෙන් අඩක්වත් හමුදාවන් ලෙස පරිවර්තනය කිරීමට ඉරානයට බැරි නැහැ. ඒ නිසා ඉරානය කෙරෙහි පාබල හමුදා මැදිහත්වීමකින් ඵලක් නැහැ.

ට්‍රම්පච්චි දැන් අලුත්ම උප්පරවැට්ටියකට අර අඳිනවා. යටත් නොවුණ හොත් ඉරාන බලශක්ති ජාලය විනාශ කර දමන බව කියා දවස් 5කට පසුව වොෂින්ටනය දැන් මාසයක සටන් විරාමයකට කොන්දේසි 15 ක් ඉදිරිපත් කර තිබෙනවා.නමුත් ඒ කොන්දේසි සරල නැහැ. යුරේනියම් බලගැන්වීම් නැවැත්වීම, න්‍යෂ්ටික අවි අතහැරීම, හෝමූස් සමූද්‍රසන්ධිය නැවත විවෘත කිරීම, කලාපීය ත්‍රස්තවාදී ප්‍රොක්සි හමුදා අතහැරීම, න්‍යෂ්ටික බලාගාර වසාදැමීම සහ එම සම්පත් භාරදීම මේ කොන්දේසි අතර තිබෙනවා.

ඉරානය හැමදාම කියන්නේ ඔවුන් යුරේනියම් බලගැන්වීම් කරන්නේ බලශක්ති උද්පාදනයට මිසක් යුද අවි නිෂ්පාදනයට නොවන බවයි. ඊශ්‍රායල සාධකය නිසා කොහොමත් ඉරානය මේ යෝජනාවන්ට එකඟ වන එකක් නැහැ. තම උත්තරීතර  නායකයාද බිලි දී ඉරානයේ දිර්ඝකාලීන න්‍යෂ්ටික අපේක්ෂාවන්ගෙන් බැහැර වෙන්න ඔවුන්ට කොහොමත් බැහැ.

හූති, හමාස් සහ හිස්බුල්ලා වැනි ඉරානයේ සහාය ලබන ප්‍රොක්සි හමුදා පිළිබඳව ඉල්ලීම එන්නේ ඇමෙරිකාවට වඩා ඊශ්‍රායල වුවමනාවට. කොහොමත් ඉරානය මොවුන්ට එළිපිට උදව් කළේ නැහැ.

මේ කොන්දේසිවලට එකඟ වුණොත් ට්‍රම්ප් ඉරානයට ත්‍යාගයත් දීමට සූදානම්.  ඉරානයට එරෙහි සම්බාධක සියල්ල ඉවත් කිරීම සහ Busherh න්‍යෂ්ටික බලාගාරය සඳහා උදව් කිරීමට ඇමෙරිකාව සූදානම් බව මේ කොන්දේසි ලියවිල්ලේ සඳහන්.

ඉරාන හමුදාව මින් ඉදිරියට ආත්මාරක්ෂාව සඳහා පමණක් යෙදවිය යුතු බව තවත් එක් කොන්දේසියක්. ඒක හරියට හිරෝෂිමා නාගසාකි පරමාණු බෝම්බ ද්විත්වයෙන් පසුව ජපානය කොටු කළා වගේ. ඊට කොහොමත් ඉරානය එකඟ වෙන්නෙ නෑ. ඉරානය තාම පරාජය වී නැහැ.

කොහොමත් ඉරානය සහ ඇමෙරිකාව දෙපාර්ශවයම දැන් ඉන්නේ උපරිම හෙට්ටු කිරීමේ බලයක. ( Demanding Power) ඇමෙරිකාව හමුදා ශක්තියෙන් පියවර ගණනාවක් ඉදිරියෙන් සිටියත්  ඉරානයේ  හෝමූස් බලය ඇමෙරිකානු ආර්ථිකයට මරු පහරක්. එය විසඳා ගැනීම හමුදා මැදිහත්වීමකින් පමණක් කරන්න ඇමෙරිකාවට බැහැ.

අනිත් අතට ඉරානයත් තම කොන්දේසි මැදිහත්කරුවන් හරහා ඇමෙරිකාවට දැනුම් දී තිබෙනවා. ගල්ෆ් කලාපයෙන් ඇමෙරිකානු හමුදා ඉවත්කර ගැනීම, .යුද්ධයෙන් සිදු වූ හානියට වන්දි ගෙවීම ඒ අතරින් ප්‍රමුඛයි. 

ඉරානයේ මේ කොන්දේසිත් යථාර්ථයක් වන්නේ නැහැ. ගල්ෆ් කලාපයෙන් ඇමෙරිකානු හමුදා ඉවත් කිරීමට ට්‍රම්ප් කැමති වුණත් ඊශ්‍රායලය ඊට ඉඩක් දෙන්නෙ නැහැ. ඒ පමණක් නොවෙයි ගල්ෆ් කලාපයේ ප්‍රබලයා සෞදි අරාබිය එකඟ වන්නේත් නැහැ.

ට්‍රම්ප්ගේ එකිනෙකට වෙනස් ප්‍රකාශ නිසා ධවල මන්දිර නිලධාරීන් අවුල් වී ඇති බව සමහර මාධ්‍ය වාර්තා කර තිබුණා. යුද්ධයේ මුල් ප්‍රහාරයන්ගෙන් පසුව ඔහුට සාමය සඳහා උවමනාවක් තිබෙන බවත්  ආරක්ෂක ලේකම් පීටර් හෙග්සෙත් ඊට යම් බාධාවක් බවත් නිරීක්ෂණය වෙනවා. "දැන් අපි යුද්ධය දිනලා ඉවරයි" යනුවෙන් ට්‍රම්ප් කියන්නෙ තව දුරටත් සටන අනවශ්‍ය බව. ඔහු ඒ ඉඟිය දෙන්නේ මැදිහත්කරුවන්ට. 

සාමය සඳහා මැදිහත්කරුවාගේ භූමිකාව අසල්වැසි දකුණු ආසියානුවෙකුට හිමිවිම අපටත් සුවිශේෂයි. මෙවර සාම පරෙවියා වෙන්නෙ පාකිස්තාන අගමැති සබාෂ් ශරීෆ්. ඔහු හිටපු පාකිස්තාන අගමැති නවාස් ශරීෆ්ගෙ බාල සොහොයුරා.

පසුගියදා ඉන්දු-පාකිස්තාන අර්බුදය යුද්ධයක් දක්වා වර්ධනය වෙද්දී දෙපාර්ශවයටම ගෞරවනීය ලෙස සාමය රැගෙන ඒමට ට්‍රම්ප් කටයුතු කළා. සබාෂ් ශරීෆ් ඒ ගැන සිහිකරමින් තමයි ඉරාන-ඇමෙරිකා අර්බුදයට මැදිහත් වෙන්නේ. ඒ මොහොතේ ට්‍රම්ප් ජනාධිපතිවරයාට  නොබෙල් සාම ත්‍යාගය ලබා දිය යුතු බව සබාෂ් යෝජනා කළා. මීට මාස කිහිපයකට පෙර ට්‍රම්ප්ගේ ගල්ෆ් සාම ගිවිසුම වෙනුවෙන් පාර්ශවකරුවෙක් ලෙස පාකිස්තානය අත්සන් කළා.

මෙහිදී පාකිස්තානයට අවශ්‍ය බලශක්ති ආනයන 81% පමණ හෝමූස් කලාපය හරහා ලැබීම විශේෂයි. 

පාක්ස්තානයේ පැරණිතම ප්‍රභූ පවුලක් වූ ශරීෆ්වරු සහ ඉරානයේ වර්තමාන දේශපාලනඥයන් අතර සමීප සබඳතාවයන් තියෙනවා.මොවුන් සියලු දෙනා පැරණි පර්සියානු මූලයක් සහිත අය. 

මෙම සාම උත්සාහයේදී සබාෂ් අගමැතිවරයා ඉරාන ජනාධිපති පෙසෙස්කියන් හා සම්බන්ධ වන අතර පාකිස්තාන හමුදා ප්‍රධානී ෆීල්ඩ් මාෂල් අසීම් මුනීර් ජනාධිපති ට්‍රම්ප් සමඟ කටයුතු කරනවා. අසීම් මුනීර් වෙනුවෙන් මින් පෙර ට්‍රම්ප් රාත්‍රී බෝජන සංග්‍රහයක් ලබා දී තිබුණා. ඒ අනුව ට්‍රම්ප් සහ මුනීර් අතර මිතුරුකම පැහැදිලියි.

පාක්ස්තානයට සෞදි අරාබිය සමඟත් හොඳ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවයක් තියෙනවා. දෙපාර්ශවය අතර ආරක්ෂක එකඟතා ගිවිසුමක් පවා තිබෙනවා. සෞදි අරාබිය පාකිස්තානයට මූල්‍ය ආධාර ලබා දෙන අතරේ තම යුද අවි බලය සෞදි අරාබියේ ආරක්ෂාව වෙනුවෙන් යෙදවීමට ඔවුන් ගිවිසගෙන තිබෙනවා. පාකිස්තානය දැනටමත් න්‍යෂ්ටික බලය සහිත රටක් බව අමතක නොකළ යුතුයි.

පාකිස්තානයට හොඳ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවයක් නැත්තේ අසල්වැසි ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය සමඟ පමණයි. චීනය, රුසියාව වැනි අනෙකුත් ලෝක බලවතුන් පාකිස්තානයේ මිතුරන් ලෙස කටයුතු කරනවා.

බොහෝ දුරට පාකිස්තානය පිටුපස මේ මොහොතේ චීනය සහ රුසියාව ඇති. එසේම එක්සත් ජනපද රජයේ ප්‍රබලයන්ද ඇති.

කොහොම නමුත් මෙය සුබවාදී ප්‍රවේශයක්. බොහෝ දුරට මෙහිදී දෙපාශවය එකඟ වනු ඇත්තේ හෝමූස් සමූද්‍රසන්ධිය විවෘත කිරීමට පමණයි. ට්‍රම්ප්ට ඇත්තටම දැන් අවශ්‍යවන්නේ ද එයයි. ඉතිරි කොන්දේසි දීර්ඝව සාකච්ඡා වනු ඇති. එය කොහොමත් කල් මැරීමක් පමණයි.

යුද්ධයට තාවකාලික විරාමයක් යනු එය දීර්ඝ විරාමයක්. හෝමූස් විවෘත වීමෙන් ඇමෙරිකාව සහ ඉරානය අතර අවි සටන නිමාවනු ඇති. ඒ සමඟම බොරතෙල් හා අනෙකුත් භාණ්ඩ ප්‍රවාහනයේ බාධා ඉවත්වනු ඇති. මෙම තත්ත්වය ගෝලීය ආර්ථිකයේ යම් ස්ථාවරත්වයකට හේතුවනු ඇති.

තව ටික දවසක් යනකම් "සාම යෝජනා ප්‍රතික්ෂේපයි. හමුදා බල ඈණි තර කරයි. " වැනි යුදකාමී පුවත් තමයි පිටින් මැවෙන්නේ. නමුත් ඇත්ත තත්ත්වය අනුව මෙතැනින් එහාට යුද්ධය දිගුවෙන්න භූ දේශපාලනික කාරණා අභ්‍යන්තරව ගොඩ නැඟෙන්නේ නැහැ. 

ඊශ්‍රායලය සහ ඉරානයේ සහයෝගය සහිත ප්‍රොක්සි හමුදා නිසා නැවතත් මැදපෙරදිග යුද තත්ත්වයක් ඇති වුණත් බොහෝ විට එක්සත් ජනපදය ඊට කෙළින්ම මැදිහත් නොවනු ඇති.

එසේම ඉරානයේ ඉදිරි පාලනය කුමෙයිනිවරුන්ගෙන් මඳක් දුරස්වී පෙසෙස්කියන් වැනි මධ්‍යස්ඨ දේශපාලනඥයන්ගේ අතට පත්වීමත් සුබවාදී තත්ත්වයක්. මේ නිසාම කවදා හෝ පෙසෙස්කියන්ලා මොසාඩ් හෝ CIA නියෝජිතයන් ලෙස හංවඩු ගසා Conspiracy theories ලියැවෙන්නත් බැරි කමක් නැහැ.

හැබැයි මෙම තත්ත්වය ප්‍රයෝජනයට අරන් නැවතීමට කවුරුන් හෝ අකමැතිනම් ප්‍රථිපලය වචන දෙකයි- ඒ තමයි මහා නස්පැත්තිය ( catastrophe) ඒකත් නොකියා බැහැ. 

ඉංග්‍රීසි ජාතික කවියෙකු වූ සදේ පළමු ලෝක යුද්ධයෙන් පස්සෙ මෙහෙම කියනවා.

යුද දිනූ ඈපා- කරා පැසසුම් ගලා ආවා

"එහෙත් ඉන් අත්වුණු- සුගතිය කුමක්දැ"යි

පොඩි පැටික්කිය ඇසුවා

ඒකනම් දන්නෙ නැහැ

එහෙත් ඈපාගේ දිනුම නම් හරිම ඉහළයි!"

මේ වෙලාවෙ අඩියක් හරි පස්සට යන්න පුළුවන්නම් ඔහු පරාජිතයෙක් නෙවෙයි. වීරයෙක්.යුද්ධය නිමාවන සළකුණු.. ( ඒක මෙහෙමයි වෙන්නේ)

මේ වෙලාවෙ අඩියක් හරි පස්සට යන්න පුළුවන්නම් ඔහු පරාජිතයෙක් නෙවෙයි. වීරයෙක්.

إرسال تعليق