මතකයන්ගේ රතු පැහැය මෙන්ම හදවත්වල රුධිර සවියත් එකට එක්වූ නිමේෂයක්...
ගාමිණි මුතුකුමාරණ
පසුබිමේ ඇති රතු පුවරුව මත “අප්‍රේල් වීර සමරුව” යන වදන් රන්වන් අකුරින් දිදුලන්නේ, එය හුදු මතකයක් පමණක් නොව වියෝගයෙන් උපන් අභිමානයක් බව ලොවටම පසක් කරමිනි.
අද අප්‍රේල් 11 ලන්ඩනයේ පැවත්වෙන 55 වැනි අප්‍රේල් විරු සමරුවේ අභිමානවත් වේදිකාව මත, සුවඳින් පිරුණු මල් කුසුම් මැදින් නැගෙන ඒ සෘජු හඬ කරුණා ගමනායක සහෝදරියගේය.
ඇයගේ දෙනෙත් අතීතයේ නොමැකෙන සලකුණු රැඳි කැඩපතක් වැනිය. ඇය වචනවලටත් වඩා ගැඹුරු කතාවක් නිහඬව පවසයි.ඇයගේ හඬ මයික්‍රෆෝනය හරහා ගලා යන්නේ පරපුරක මතක සම්භාරයයි. එය සරල දේශනයක් නොව, අරමුණක් වෙනුවෙන් දිවි පිදූ මිනිසුන්ගේ නිහඬ වීරත්වයේ ප්‍රතිරාවයයි.
උපතිස්ස ගමනායක සහෝදරයාගේ ජීවිතයත්, ඔහුගේ අනුපමේය සටනත් ඇයගේ වදන් තුළින් යළිත් ජීවමාන වන අයුරු අපූරුය...
මෙය සාමාන්‍ය සම්මන්ත්‍රණයක් නොවේ. මෙය පීඩිත මිනිසුන්ගේ සිහින, කැපවීම් සහ අරගලයේ අභිමානය හදවතින්ම සමරන මොහොතකි.
කරුණා සහෝදරියගේ වචන ඒ උදාර මතකයන්ට නව ජීවයක් පිඹිමින්, අනාගත පරපුර වෙත එම ආදර්ශයන් රැගෙන යාමට අපට දිරියක් ලබා දෙයි.
"සදා සමරමු සොහොයුරෝ..."
🌹 🌹 🌹 🌹