المشاركات

එංගලන්තයේ ඩෙන්ටන් සහ ගෝටන් ආසනයේ අතුරු මැතිවරණය ඊයේ පැවැත්වුනා. ඒකෙ ප්‍රතිපල ප්‍රගතිශීලී මිනිසුන්ට බලාපොරොත්තු දල්වන එකක්.

 



එංගලන්තයේ ඩෙන්ටන් සහ ගෝටන් ආසනයේ අතුරු මැතිවරණය ඊයේ පැවැත්වුනා. ඒකෙ ප්‍රතිපල ප්‍රගතිශීලී මිනිසුන්ට බලාපොරොත්තු දල්වන එකක්.


ඉදුනිල් දීප්ති කුමාර

මේ ආසනය කලින් දිනුවෙ කම්කරු පක්ෂයේ ඇන්ඩෘ ග්වින් එයා තමා සෞඛ්‍ය අමාත්‍යවරයා වුනෙත්. එයා එයාගෙ පක්ෂ හිතවතුන්ගෙ වට්සැප් ගෲප් එකකට මැසේජ් එකක් යවලා තිබ්බා //තමන් බලාපොරොත්තු වෙනවා තමන්ට චන්දෙ නොදෙන විශ්‍රාමිකයො ඊලඟ චන්දයට කලින් මිය යාවි// කියලා. ( අපිට චන්දෙ නොදෙන නාකි ටික මැරිලා පලයං- කියලා )

මේක වෙන්නෙ විස්ගේෂයෙන්ම වයස 60 ට වැඩි විශාල රැල්ලක් - ජාතිවාදී සුදු දක්ෂිනාංශික පක්ෂයක් වන රිෆෝම් යූ කේ වටා රැල්ලක් ඇතිවීමත් එක්ක.

මේක එලියට ඒමත් එක්කම, ලේබර් පක්ෂයෙන් එයාව ඉවත් කරනවා, මංත්‍රී ධූරයෙනුත්, එයාව  ඉවත්කරනවා. 

ඒ අඩුව පුරවන්නයි මේ අතුරුමැතිවරණය පැවැත්වුනේ.

දක්ෂිනාංශික ට්‍රම්ප් හිතවාදී - රිෆෝම් පක්ෂය ඊලඟට මේ රටේ ආණ්ඩුව ගනී කියල හැමෝම තක්සේරු කරනවා, එම දේශපාලන තක්සේරුවේ ඇත්ත තත්වය මැන බැලිමටත්, ඒවගේම පාලක පක්ෂයේ ජනප්‍රියතාව මැන ගැනිමටත්, ඇති හොදම අවස්ථාව තමයි- මෙම අතුරු මැතිවරණය. 

දැන් ප්‍රතිපල ඇවිත්.

කම්කරු පක්ෂය 3 වන තැනට වැටිලා. කලින් චන්දෙ  3,වන ස්ථානයේ (13%) හිටපු ග්‍රීන් පක්ෂය එම ආසනය ජයග්‍රහනය කරලා.. 

බ්‍රිතාන්‍ය ජනතාව කම්කරුපක්ෂයට පහුගිය මැතිවරණයේ දැවැන්ත ජයග්‍රහණයක් දීලා ප්‍රගතිශීලී වෙනසක් බලාපොරොත්තු වුනා නමුත් කියාස්ටර්මා ඒ ජනතා බලාපොරොත්තු ඉටු කලේ නෑ.  

ඒකෙ ප්‍රතිපලයක් විදියට අන්ත දක්ෂිනාංශික රිෆෝම් යූ කේ පක්ෂය ඉස්සරහට ආවත් බ්‍රිතාන්‍ය මිනිස්සු තවම ඉල්ලන්නෙ ප්‍රගතිශීලී වෙනසක් කියන එක මේ ප්‍රතිපලයෙන් පැහැදිලියි. ප්‍රගතිශිලි ජන්දවල ප්‍රතිශයේ කිසාදු අඩුවක් වෙලා නොමැත, එම ජන්ද ග්‍රින් පක්ෂයට වැටි, කම්කරු පක්ෂයට නොවැටිම - වර්තමාන රජයට බලවත් ගැටලුවලට මුහුනපාන්නට සිදුවන බවට , දේශපාලන විචාරකයන් මත පලකරති 


إرسال تعليق