IMF ප්‍රතිසංස්කරණ අතරතුර දුගි ජනතාව රැකගන්නා NPP ආණ්ඩුව
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) සමඟ ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන් බොහෝ රටවලදී සමාජ සුබසාධන සහනාධාර කපාහැරීමට හේතු වී ඇත. එහෙත් ශ්‍රී ලංකාවේ ජාතික ජන බලවේගය (NPP) නායකත්වයෙන් යුතු වත්මන් ආණ්ඩුව, එවැනි ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින්ම දුගි ජනතාවගේ ජීවිත රැකගැනීමට උත්සාහ කිරීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකාවේ ගොවීන් පොහොර සහනාධාරය සහ සහතික වී අලෙවි මිල මත රඳා පවතී. ධීවරයන් ඉන්ධන සහනාධාරය මත ජීවිතය ගෙනයයි. දුප්පත් පවුල් සමෘද්ධි දීමනා මත ජීවත්වෙයි. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවය, පාසල් නිල ඇඳුම්, මහපොළ ශිෂ්‍යත්වය වැනි වැඩසටහන් දශක ගණනාවක් පුරා ජනතාවට ශක්තිය වී ඇත.
මෙවැනි සමාජ ආරක්ෂණ වැඩසටහන් 200කට වඩා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන අතර, IMF වැඩසටහන් යටතේ බොහෝ රටවලදී ඒවා කප්පාදු කෙරේ. එහෙත් NPP ආණ්ඩුව ඒවා අහෝසි නොකර, වංචා සහ දූෂණ ඉවත් කරමින් පද්ධතිගත ලෙස සංශෝධනය කිරීමට උත්සාහ කරයි.
2022–2023 කාලය තුළ ශ්‍රී ලංකාව දැඩි ආර්ථික බිඳවැටීමකට මුහුණ දුන්නේය. ඉන්ධන හිඟය, උද්ධමනය, විදේශ විනිමය හිඟය සහ ජීවන වියදම් ඉහළ යාම ජනතාව දැඩි ලෙස පීඩාවට පත් කළේය. එහෙත් 2024 පසු NPP ආණ්ඩුව යටතේ ආර්ථික ස්ථාවරතාවය සෙමින් නැවත ගොඩනැගීමට ආරම්භ විය.
ආණ්ඩුවේ ප්‍රධාන දර්ශනය වන්නේ , ආර්ථික ප්‍රතිසංස්කරණ නිසා දුප්පත් ජනතාවගේ දෛනික වැඩ කටයුතු වලට බාධාවක් ඇති නොවිමටය. දූෂණය අවම කරමින්, අනවශ්‍ය වියදම් කපාහරිමින්, නිසි ප්‍රතිපත්ති යටතේ සමාජ ආරක්ෂණ වැඩ සටහන් රැකගැනීම එහි අරමුණ වේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ NPP නායකත්වය අවධාරණය කරන්නේ සංවර්ධනය යනු දුගි ජනතාව දුප්පත් කමින් මුදවා ගැනිමට, තිරසාර ආර්ථික සහ දේශපාලන ක්‍රමවේදයක් ගොඩ නැගිමයි. ගොවියා, ධීවරයා, ශිෂ්‍යයා, කම්කරු ජනතාව – සැමටම ගෞරවයෙන් ජීවත්වීමට අවස්ථාව ලබාදීමයි.
දිගුකාලීනව දුප්පත්භාවය නැති කිරීම සඳහා සහනාධාර මත සදාකාලිකව රඳා පවතින සමාජයක් නොව, රැකියා, ආදායම් සහ අවස්ථා ඇති සමාජයක් ගොඩනගා ගැනීම NPP ආණ්ඩුවේ ඉලක්කය වේ.
IMF ප්‍රතිසංස්කරණ සහ සමාජ සාධාරණත්වය යන ක්‍රියාදාමයන්, සමතුලාතව , ක්‍රියාත්මක කිරිම ලෝකයේ ඕනෑම රජයකට අතිශය දුෂ්කර කාර්යයකි. එහෙත් වත්මන් ආණ්ඩුව එය කළ හැකි බව , ලෝකයාට පෙන්වා දි හමාරය.
දුගි ජනතාවගේ ගෞරවය රැකගෙන, ආර්ථිකය නැවත ගොඩනගා ගැනීම — NPP ආණ්ඩුවේ එකම අරමුණය .